Friday, November 5, 2010 | By: Unknown

Registry යෙහි Value එකක් ඉක්මණින්ම හොයා ගන්නා අතර Shutdown වීම Speed කරමු...


ඔන්න අද කියන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රි එකේ ඇති තැනක් ලේසියෙන් හොයා ගන්නේ කොහොමද කියලා...හුගාක් වින්ඩෝස් ට්‍රික්ස් වල රෙජිස්ට්‍රි එඩිට් කරන හැටි තියෙනොනේ...ඒත් ඉතිං ඕක හොයා ගන්න ගියාම තමයි අමාරුවේ වැටෙන්නේ..
මේකට පිලියමක් දෙන්නයි මේ සූදානම...මුලින්ම මේ වෙබ් පි‍ටුවට ගිහින් Registry Jumper Softwear එක බාගත කර ගෙන පරිගණකයේ ඉස්තාපනය කර ගන්න...

ඔන්න පොඩි වින්ඩොස් ට්‍රික්ස් එහෙකුත් කියා දෙන්නම් කෝ...මේකෙන් කෙරෙන්නේ වින්ඩොස් Shutdown Time එක speed කරලා දෙන එක තමයි...
මුලින්ම Registry Jumper Softwear එක ඕපන් කරලා මම පල්ලෙහයින් දීලා තියෙන ටෙක්ස්ට් එක ඒකෙ පේස්ට් කරලා jump බටන් එක ක්ලික් කරන්න...

HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control

දැන් බලන්න ඉක්මනින්ම වැඩේ කෙරුණනේ..නැත්තම් ඕක හොයා ගන්න ගියාම යන්න ඕන දුර තේරෙනවනේ..
ඊට පස්සේ ඔය ලිස්ට් එකේ පහලින්ම ඇති WaitToKillServiceTimeout කියලා තැනක්..
ඒක උඩ ඩබල් ක්ලික් කරන්න ...ඊට පස්සේ ඒකෙ value data: එක 2000 ක් හෝ 3000 ක අතරමැදි ගානකට අඩු කරන්න...{මෙහි default value එක 12000 ක් වේ 12 seconds කාලයකට සකස් කර ඇත}
අවසානයේ ok බටන් එක ක්ලික් කර පරිගණකය Off කර බලන්න..වෙනදාට වඩා ඉක්මණින්ම පරිගණකය Shutdown වේවි....

2 comments:

හිස් අහස said...

නියමයිනේ මචං මට මේවගේ එකක් ඕන වෙලා හිටියේ !
උඹට ගොඩාක් පිං
මේකෙන් අවුලක් වෙන්නේ නෑනේ ඕං මං බෑව

ජයවේවා

Unknown said...

කිසිම අවුලක් වෙන්නේ නැහැ :) බය නැතුව කරලා බලන්න

Post a Comment

Powered By Blogger