Thursday, November 18, 2010 | By: Unknown

ලොව මුල්ම වෛරස් වැඩසටහන...

1986 ජනවාරි මාසයේ එක්තරා දිනකදී තමන් වැඩ කරනා පරිගණකයෙහි තමන්ගේ අනු දැනුමකින් තොරව යම් කිසි වැඩසටහනක් කොපි වන බව එක්තරා ඉංජ්නේරු පිරිසකට දක්නට ලැබීය..මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් ෆ්ලොපි ඩිස්ක මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය...එනම් boot sector නම් ගණයට අයත් වැඩසටහනකි..මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපණය වේ...මෙලෙස මේ ෆ්ලොපි ඩිස්කය සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ..(Brain) නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...

Welcome to the Dungeon © 1986 Brain & Amjads (pvt) Ltd VIRUS_SHOE RECORD V9.0 Dedicated to the dynamic memories of millions of viruses who are no longer with us today - Thanks GOODNESS!! BEWARE OF THE er..VIRUS : this program is catching program follows after these messages....$#@%$@!!


මේවාට වෛරස් නමින් පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ 'ෆ්‍රෙඩ් කොහෙන්' විසිනි..

පරිගණක වෛරස් ගත් කල ඒවාට ආවේනික විවිධ ක්‍රම තිබේ...
ඒවා නම්.....
දැනට වැඩකරන වැඩසටහන් වලට බලපෑම් එල්ල කිරීම...
නැවත නැවත කොපි වීම..
පරිගණකයෙහි සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම...
ඉබේම පැතිරීයාම..
පරිගණකයෙහි ඇති දත්ත මකා දැමීම..
මේවායෙන් කිහිපයක් ලෙස හැදින්විය හැක...

Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත..ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගනයට අයිති නොවේ...
මුල්ම විනාශකාරී වෛරසය වූයේ Elk Cloner නැමැති වෛරස වැඩසටහනයි...මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ  Rich Skrenta විසිනි...මෙම වෛරසය Apple - 11  පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය...

0 comments:

Post a Comment

Powered By Blogger