Saturday, November 6, 2010 | By: Unknown

වෙබ් පි‍ටු Image එකක් බවට පත් කර ගැනීම


ඔන්න අද කියන්න යන්නේ හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්...ඒ මොකක්ද දන්නවද වෙබ් පි‍ටුවක් කොහොමද ඉමේජ් එකක් බවට පත්කරන්නේ කියලා...අපි දන්නවා තාමත් හුග දෙනෙකුට අන්තර්ජාල පහසුකම නැති බව..ඒ හුග දෙනෙක් කරන්නේ කැෆේ වලට ගොස් තමන්ට වුවමනා ලිපි ලේඛන බාගත කර ගැනීම..ඒ වාගේම වෙබ් පි‍ටු සේව් කිරීමේදී හුගාක් ගැටලු ඇති වෙන්න පුලුවන්..ඒකට පිලියමක් දෙන්න තමයි මේ සූදානම...

මුලින්ම Firefox වෙබ් බ්‍රව්සර් එක ඕපන් කර ගන්න...

ඊට පසුව එහි Tool කියන මෙනු එකේ Add-ons මෙනු එකට ගොස් SearchAll Add-ons වල මේ pdfit කියලා ටයිප් කරලා සර්ච් කරන්න..

ඉන්පසු මෙම Add-ons එක ඉන්ස්ටෝල් කර ෆයර් ෆොක්ස් නැවත රී ස්ටාර්ට් කරන්න...

ඔබට සේව්කර ගැනීමට අවශ්‍ය වෙබ් පි‍ටුවට ගොස් රයිට් ක්ලික් කරන්න..

එහිදී ඔබට පහලින්ම දැක ගන්න පුලුවන් වේවි pdf it! කියලා...

ඊට පසුව එහි option වලට ගිහින් ඔබ කැමති image ෆෝර්මැට් එකක් ලබා දෙන්න පුලුවන්...වඩාත්ම හොදයි jpeg ලබා දෙනවානම්...

ඒ වගේම pdf විදියටත් සේව් කර ගන්න පුලුවන්..එහිදී අවශ්‍ය pdf page size එකකුත් තමන්ට රිසි සේ ලබා දෙන්න පුලුවන්...

වැඩි විස්තර ඕනේ නම් ඉතිං Help එකෙන් උනත් බලා ගන්න පුලුවනි...

1 comments:

පන්සල් හංදිය said...

මේකෙ වටිනාකම ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, ගහ ලොවෙත් නෑ, තැන්ක් යූ වෙරි මච් වගේම සුබ නව වසරක් වේවා ......

Post a Comment

Powered By Blogger